කොළබ අහසට කදුලු ඉනුවේ උබම හින්දයි නාමලී
උබේ කොපුලේ ගැලූ කදුලැලි වලින් මේ වැව බොරවුනී
වීදි අස්සේ උබේ මතකය සරයි හැමදා නාමලී
බෝ ගහේ හිටි දේව දූවත් නොදුටුවෙද දුක නාමලී
පලමු පටු මාවතේ මුට්ට උස්සා පයින් යද්දී
උබේ සිනහැති වෙහෙසුන මුහුනටම එබී
හීනියට ඉගිමරා ඇසගින් විඩා නිවු හැටි නාමලී
සිහිකරන් හිත බිමට වැටුනා හවස් යාමෙට දියවෙවී
රෑට යනෙනා මහතුන්ට උබ වෙසගනකි මගෙ නාමලී
වීදි මුලුවල රෑට උබගේ ඉකිබිදුම් හඩ පාවුනී
මොනර කඩදහි මොටද ඔයහැටි ඇසූවිට උබ නාමලී
දියවෙලා ගිය කතාවක් ඇස් කෙවෙනි ඇතුලේ සැගවුනී
කෝච්චිය හූ කියන්නේ මටදැයි ඇසූ උබ නාමලී
රේල්ලුවකට හාදු දෙන්නට ගියේ ඇයි උබ නාමලී
කෝච්චිය හූ කියන්නේ උබලට නොවේනේ නාමලී
මිනිස්කම් නැති නරුමයන්හට හූව උරුමයි නාමලී
No comments:
Post a Comment