Wednesday, November 8, 2017

~පස්චත්තාපය~

අහසට නැගුනෙමි
සිතුවිලි වල හිරවී හෙයින්
මාගේ අත් පා පන නැතිවා සේ හැඟේ
වලාකුලු වලට එපිටින් කෙලෙසක
ගිනිගත් පොලොව පෙනේවිද
වලාකුලු වලට එපිටින් කෙලෙසක
රත් පැහැ හිරු පෙනේවිද
වලාකුලු වලට එපිටින් කෙලෙසක
ඔවුන් පෙනේවිද
මියැදුනු ඔවුන් පෙනේවිද
වචන වලට හැකිවේවිලු
ආත්මය පබදින්න
එකම ශබ්දයක් පමනි
මගේ කටින් පිටවුනේ
ඒ නිසා වෙන්න ඇති
ආත්මයක් මට නැතිවුනේ
විටෙක එය අස්වැසිල්ලකි
මන්ද
මා හට නැතිය කිසිවක්
ආත්මය සැරසවීමට
වියලුනු පොලොව මතින්
දූවිලි බිදකුදු නැතිවෙන තෙක් වැස්සත්
අනාත්මික මගේ
කිලිටි භාවය
කෙලෙසක සෝදා හරිම්ද
කැලෑ මැදින් ඇවිද ගියෙමි
කාශ්ඨක මැදින් ඇවිද ගියෙමි
රතු පාට ලේ මතින් ඇවිද ගියෙමි
ලුනු රහ කඳුලු මතින් ඇවිද ගියෙමි
කොටින්ම
මියැදුනු ප්‍රානීන් මතින් ඇවිද ගියෙමි
උන්ගේ අවසන් හුස්ම වල බරට
ලෝකය පෙරලේවි
උන්ගේ විලාප වල සැරට
හිරු පවා පිපිරේවි
අක්කරෙයිපත්තුවෙත්
සිරි මහා බෝධියෙත්
මහ විනාසයන් මගෙ
උර මතින් වෙන්න ඇති
මගේ හිත බල කලා
හේතුවක් හොයාපන්
කටක් පමනක් ඇති මට ඇසක් නොමැතිව
කෙසේ දුක දැනෙන්නද
කෙසේ ලොව පෙනෙන්නද
දැවුනු ලොව පෙනේවිද
අදුරේ පැමිනේවි ගිලගත් ආත්මයන්
පලා යා නොහැකිය
ලොවම බිය කල මට නැතිය බියක
ඇත්තේ පමනකි පස්චත්තාපාක්

No comments:

Post a Comment