Tuesday, November 21, 2017

~ප්ලීස් මට තව වීදුරුවක්~

පෙනහැල්ල පිරෙන්නම
ඇදගත්තු හුස්ම පොද
පිටකරනු විනා
කෙලෙසක රදවා ගම්ද
ආසාව ඇති නමුත්.....
හදවත පිරෙන්නම
උරාගත් ප්‍රේමයම
ක්ෂය වීම පතයි නම්
කෙලෙස රැක ගම්ද
ආසාව ඇති නමුත්...
ඇයට මා කීමි........
නොබෝ දිනකින්
රොබෝ මිනිසෙක්ව
දැනෙන දේ නොදැනෙනා ගානට
හිදින්නම්
ප්ලීස්...
මට තව වීදුරුවක්
හිත හිරිවට්ටගන්න..

Monday, November 20, 2017

~ සියපත් මලී ~

රැලි වලට ගැස්සෙමින් පාවෙන කොද කැකුලු සියපත් මලී
ඉර එලිය වැදිලා දිස්නේ දෙයි ලපටි පෙති සියොලග ඇලී
වෑදියට හිරිපොද සැලෙද්දී හිත කියයි යන්නට මිදී
ඒත් ඉදපන් නොවිදහා පෙති වෑදියට කදුලැලි නොදී
හන්දියේ පන්සලේ මලුවට රැහේ උන් යනෙනා හැටී
බලා සිටියෙමි නෙත් අයාගෙන රුපියලට විකිනෙන හැටී
ගල් පිලිම මල් වටකරන් භාවනාවේ දැහැනෙන් මිදී
පෙති එකින් එක ගිලිහෙනා මල් කැකුලකට ආයුශ යදී
වැව් තාවුලෙන් හිරු බැස යන්න යන වෙලාවේ අදුරට එබී
සුසුම් මුසුකර සුලගකට වෑදියත් පිසගෙන යයි ඇදී
රැහේ උන්ගෙන් මිදී ගෙනගිය මල් කැකුල මතකෙට නැගී
රැහේ උන්ගේ කදුලු පුරවාලන්න මේ වැව ලොකු මදී

~ බෝම්බයකට පෙම් කලෙමි ~

කවුලුවෙන් පිටත බලාගෙනම සියල්ල සැහැල්ලුවෙන් සිතීමට සිතාගත්තත් ඒ උත්සාහය නිශ්පල බව වැටහීමට වැඩි වෙලා ගත නොවීය. බස් රතයේ ගුවන් විදුලි යන්ත්‍රයේ හඩ කැඩෙමින් ඇසෙන්නේ මේ හරියට හොදින් සිග්නල් නැති බැවිනි. මහියංගන මහනුවර පාරේ යන කබල් CTB බස් එකකින් මෙහෙම ඇහෙන ගුවන් විදුලි යන්ත්‍රයකට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.සෝ හඩ මැදින් කඩින් කඩ ඇසෙන ප්‍රවෘත්ති විකාශයේ ඇසෙන්නෙත් පෙරේදා කොටුව දුම් රියපොලේ සිදු වුනු බෝම්බ ප්‍රහාරය ගැනමයි. ගුවන් විදුලිය ගැන කේන්තියෙන් ඉවත් බලාගත්තද නිසල්ගේ රුව හිත තුල ඉතුරු කරපු මතකය නැවත් නැවත් ඔහුව මා ඉදිරියේ සිතුවම් කරයි.
මීට අවුරුදු 2කට උඩදී කටුබැද්ද කැම්පස් එක ඉස්සරහඩි දැකපු ඒ රූපය කොහොම අමතක කරන්නද. "එස්කියුස් මී මම ඔයත් එක්ක පෝලිමේ එන්නද...? දෙන්න දෙන්නලු යන්නෝනි"
ඒ ඔහු හා මම කතාකල පලමු වචන කීපයයි. එතැන සිට සිවිල් ඔඩියට ගිහින් ඔහු අසලම වාඩිවී දවසමව්ගතකල හැටි අදටද කිසිත් අඩු නොවී මා හට මතක ඇත.කාලය එසේ ගෙවී ගියේය.මගේ හිතේ තිබුන කිසිත් ඔහුට කීමට මත්තෙන් ඔහු මා සොයා ආවේය.
"සලනි උබට කියන්න දෙයක් තියෙනව.... මං කජන්තනීට කැමතී බං"
හිනා වෙන්නද අඩන්නද කිසිවක් මගේ සිතට නොආවේය. හිරකරගත් හැඩුම් හා හිරකරගත් කදුලු තුලින් මා හට හැකි ලෙස වචන කීපයක් ගැටගසා ගත්තෙමි.
"ඒකි ටැමිල්නෙ නිසල්"
මට කියාගැනීමට ඕනි වුයේ මං ඔහුට කැමතී බව වුවද කියැවුනේ එපමනකි.
"ඒකට මොකද බං... ඒකිත් කෙල්ලෙක්නෙ...මං අද ඒකිගෙන් අහනව"
හැඩුම් ආව වුවද ඒ සියල්ල හිරකරගත්තේ ව්‍යාජ හිනාවක් සමගිනි. ඒ හිනාව ව්‍යාජයක් බව ඔහුට වැටහුනාද බැලීමටවත් නොනැවතුනු මා එක පිම්මට බෝඩිමට දිවවිත් එලිවෙනකම් හැඩුවෙමි.
ඔව්න්ගේ පෙම්බස් දෙඩවිලි, වැලදගැනිලි ,සිපගැනිලි දැක දැක නොදැක්කා ගානට හිදීමට මම පුරුදු උනෙමි. මුල් කාලයේ පපුව තුගිනි මැලයක් තරමට රත් වුවද කල් යත්ම එය ගිනිකූරු දැල්ලක් තරම් විය. කාලයත් සමග ඔවුන් අතරද නිතරම සිදුවන අඩදබර බැච් එකේ කිසිවෙකුහට රහසක් නොවීය. . මා ඔහුගෙන් එආ ගැන ඇසූ විට නිතරම ඔහු කීවේ දශක තුනක් තිස්සේ දෙගොල්ලන් දෙගොල්ලන්ව තේරුම් නොගත්ත එකේ අපි දෙන්නා කොහොම තේරුම් ගන්නද මේ අවුරුදු එකහමාරට කියාය. ඒ වෙලාවල් වලට මගේ හිතට ආවේ "ඔව් ඔවුන් දෙදෙනත් මේ සමාජයේම උප කුලක දෙකක් බවයි".
ඒ කිසිවක් නිසා මම ඔවුන්ට  වෛර නොකෙරුවෙමි. ඒ ඔවුන්ගේ ප්‍රේමය මේ පොලෝ තලය මත ඇති නිර්මලම ප්‍රේමය යැයි මා සිතූ නිසාය.නමුත් මගේ එම සිතුවිල්ල පැවතියේ ඊයේ රැයේදී මට ඔහුගේ දිනපොත් ලැබෙනකම් පමනි. දැන් මා ඇයට වෛර කරමි. ඒ ඇය ඔහුව රවට්ටපු නිසාය. තවද මා ඔහුටද වෛර කරමි. ඒ අවශ්‍ය මොහොතේ ඇයව සිතින් අත නොඇරපු නිසාය. අවසානයේ ඔහුගේ දිනපොතේ මෙසේ සටහන්වී තිබුනි
" මා ඇයට නඩේසන්ගේ හා විනීතාගේ ආදරේ සුන්දරත්වය ගැන කියද්දි ඇය කීවේ LTTE පොලිස් බලකාය ගැනය. ඇය කොයි විදිහෙ කෙල්ලෙක් වූවත් මට කම් නැත. මන්ද මා ආදරය කලේ කජන්තනීගේ ආදරයට බැවිනි"
"නෝනා බහින්නෙ නැතිද?? මහියංගනයට ඇවිත් තියෙන්නෙ."
මනෝ ලෝකයෙන් එක වරම ගැස්සී අවදි වූ මම වටපිට බලනවිට තේරුනේ බස් රතයේ සිටින්නේ මා පමනක් බවය.
ලහියේ බහින්නට සැරසෙත්ම කබල් රේඩියෝවෙන් තවත් විශේශ පුවතක් ඇසිනි.
" පෙරේදා පුපුරාගිය මරාගෙන මැරෙන බෝම්බයේ බෝම්බකාරිය මොරටුව වි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කජන්තනී නැමැත්තියකි."

අතේ තිබුනු දිනපොත දෙස බැලූ මා දෙවරක් නොසිතා එය කුනු කූඩයට දැමුවේ පපුව තුල හිරව තිබූ සුසුමක් වා තලයට මුසුකරමිනි
~නිමි~

Wednesday, November 15, 2017

~නාමලී~

කොළබ අහසට කදුලු ඉනුවේ උබම හින්දයි නාමලී
උබේ කොපුලේ ගැලූ කදුලැලි වලින් මේ වැව බොරවුනී
වීදි අස්සේ උබේ මතකය සරයි හැමදා නාමලී
බෝ ගහේ හිටි දේව දූවත් නොදුටුවෙද දුක නාමලී

පලමු පටු මාවතේ මුට්ට උස්සා පයින් යද්දී
උබේ සිනහැති වෙහෙසුන මුහුනටම එබී
හීනියට ඉගිමරා ඇසගින් විඩා නිවු හැටි නාමලී
සිහිකරන් හිත බිමට වැටුනා හවස් යාමෙට දියවෙවී

රෑට යනෙනා මහතුන්ට උබ වෙසගනකි මගෙ නාමලී
වීදි මුලුවල රෑට උබගේ ඉකිබිදුම් හඩ පාවුනී
මොනර කඩදහි මොටද ඔයහැටි ඇසූවිට උබ නාමලී
දියවෙලා ගිය කතාවක් ඇස් කෙවෙනි ඇතුලේ සැගවුනී

කෝච්චිය හූ කියන්නේ මටදැයි ඇසූ උබ නාමලී
රේල්ලුවකට හාදු දෙන්නට ගියේ ඇයි උබ නාමලී
කෝච්චිය හූ කියන්නේ උබලට නොවේනේ නාමලී
මිනිස්කම් නැති නරුමයන්හට  හූව උරුමයි නාමලී

Thursday, November 9, 2017

~ස්නෝවයිට්ට ලියමනක්~

අහෝ කුමරියනි ස්නෝවයිට්
මට සිතේ තැබීමට ඔබට ඩයිනමයිට්
ඔබ නිදාසිටි සිරියහනේ
මකුලු දැල් තිබුනේය රිසිසේ
දනීද ඔබ මම බව
ගලවා දැමුවේ ඔබේ තොල  රැදි
දැල් තොගය සතොසේ

අවැසි නැත මට
කෙටීමට එය ගල් කුලක් මත
නමුත් ඔබ දත යුතුය
අබිලි වී ගිය උබේ යහනේ
මුරිචි ඇන තදකලේ
පිනෝ අයියගේ අප්පොච්ච බව

උබව මුන් ලොකු කරන්
ලොවම රවටා කතා කීවත්
කොහේවත් නැති හාද්දකටත්
එහා ගිය ප්‍රේමයක්
අපෙන් උබ ලද බවත්
රහසේම පවසාවි
ලෝකයේ බොහෝ උන්

උබේ ලේ වල තිබෙන
ඒ කුහක චපලකම
උබේ එකුසේ උපන්
නැගෙනියත් කරපින්න
අන්න ඒකිගෙ ප්‍රේම
කුමරු වූ මණමෙවත්
මරාගෙන පැනගොස්ලු
වැදි රජෙක් සමගින්ම

Wednesday, November 8, 2017

~පස්චත්තාපය~

අහසට නැගුනෙමි
සිතුවිලි වල හිරවී හෙයින්
මාගේ අත් පා පන නැතිවා සේ හැඟේ
වලාකුලු වලට එපිටින් කෙලෙසක
ගිනිගත් පොලොව පෙනේවිද
වලාකුලු වලට එපිටින් කෙලෙසක
රත් පැහැ හිරු පෙනේවිද
වලාකුලු වලට එපිටින් කෙලෙසක
ඔවුන් පෙනේවිද
මියැදුනු ඔවුන් පෙනේවිද
වචන වලට හැකිවේවිලු
ආත්මය පබදින්න
එකම ශබ්දයක් පමනි
මගේ කටින් පිටවුනේ
ඒ නිසා වෙන්න ඇති
ආත්මයක් මට නැතිවුනේ
විටෙක එය අස්වැසිල්ලකි
මන්ද
මා හට නැතිය කිසිවක්
ආත්මය සැරසවීමට
වියලුනු පොලොව මතින්
දූවිලි බිදකුදු නැතිවෙන තෙක් වැස්සත්
අනාත්මික මගේ
කිලිටි භාවය
කෙලෙසක සෝදා හරිම්ද
කැලෑ මැදින් ඇවිද ගියෙමි
කාශ්ඨක මැදින් ඇවිද ගියෙමි
රතු පාට ලේ මතින් ඇවිද ගියෙමි
ලුනු රහ කඳුලු මතින් ඇවිද ගියෙමි
කොටින්ම
මියැදුනු ප්‍රානීන් මතින් ඇවිද ගියෙමි
උන්ගේ අවසන් හුස්ම වල බරට
ලෝකය පෙරලේවි
උන්ගේ විලාප වල සැරට
හිරු පවා පිපිරේවි
අක්කරෙයිපත්තුවෙත්
සිරි මහා බෝධියෙත්
මහ විනාසයන් මගෙ
උර මතින් වෙන්න ඇති
මගේ හිත බල කලා
හේතුවක් හොයාපන්
කටක් පමනක් ඇති මට ඇසක් නොමැතිව
කෙසේ දුක දැනෙන්නද
කෙසේ ලොව පෙනෙන්නද
දැවුනු ලොව පෙනේවිද
අදුරේ පැමිනේවි ගිලගත් ආත්මයන්
පලා යා නොහැකිය
ලොවම බිය කල මට නැතිය බියක
ඇත්තේ පමනකි පස්චත්තාපාක්

~උණ, වණය හා වනය~

උණ වනාහී වණයකි. වණය කී සැනින් මතකයට නැගෙන ගස් කොළන් සතා සීපාවාගෙන් පිරුනු දියඇලි ගංගාවන්ගෙන් ගහන ස්වභාවදර්මයාගේ ශීර්ශයෙන් උපන් මහා කලාත්මක ලක්ශනයක්ගෙන් හෙබි දැක්මෙන් ගතද සිතද සංසුන් කරවනා අමුතුම මෙව්වා එක නොවේය. මේ වණය යනු තුවාලෙකි. අහ් අර ජාතියේ වනයන්ද මේ වකවානුවේ තිබෙනවාද යන සැකයක් මගේ මේ පරිසරකාමී හිත් පොජ්ජට ගැටලුවක් වී තිබේ. උණ ගැන් කියන්නට ආ මේ හූරා කොහේවත් නැති වණයක් මතට නැගී අශ්වයා ගෝන් ටික් ටික් කිරීමට පටන්ගෙන තිබේ. වණය හෝ වනය මදකට පැත්තකින් තියමුකෝ....
උණ යනු ගසකි...
විකාරද ඉස්කෝලෙ ගිහින් නැද්ද. උණ යනු පඳුරකි...
අහ් හරි උණ යනු විටෙක පදුරකි, විටෙක ලෙඩකි හා විටෙක ආශාවට කියන තවත් නමකි. උණ ගැන ලිවීමට ප්‍රදානම කාරනාව තමයි අද දවසම දරුනු උණකින් පෙලෙන හෙයින් ලෙක්චර්ස් පොජ්ජ කට් කොරමින්න් සයනාරූඩවී සිටීම. නමුත් මේ ඒ උණ ගැන නොවෙයි. මේ වෙනත් උණක් ගැනයි....
මේ හූරාගේ මතකය මීට වසර 10ක පමන ඉතා ඈත අතීතයට ආලෝකේ වේගයට ඇබින්දක් අඩු වේගයකින් දිව යයි. එදා සතියේ දවසකි. මේ හූරා කුකුලා සංදියේ(කුකුලා නොවේ කැකුලා ලෙස වෙනස් විය යුතුය. මේ හූරාගේ කුකුලු ගතිය වෙන්ඩ අඹේනිය හොදාකාරව දනී) දිනක් දඹාන පෝරුගම් පොජ්ජට නර්තන ප්‍රසංගයක් සදහා මංගැච්චුවෙමි. ඔය ගම්පහ පැත්තේ ගුරුතුමෙක් හා ගෝලයෝ පිරිසක් කැටුව ගොස් අපේ වරිගේ උන්ට උඩරැටියන්ගේ නැටවිල්ල පෙන්වීමට එසේ ගියෙමි. එහිදී කදිමට අපිව පිළිගෙන නැටීම සදහා සකසා තැබූ මිදුලට එක්ක ආවෙමි. ඔන්න ඉතින් නමස්කාරය කාරිය කරලා මේ ගෝලයෝ ටික නටන්නට පටන්ගත්තෙ නැතෑ. උඩින් පාත්වෙච්චි මයිල අත්තක් උන්දැලෑගේ අතේ වැදෙන්ට ගච්චි. 5වසර සතුටු කදවුරෙන් ලබාගත් නායකත්ව පුහුනුවේ නාමයෙන් නැගීසිටි මා සිංහයෙකු මෙන් තේජාන්විතව ගොස් චරස් ගා අත්ත කැඩීමට යද්දීම.....
"අඩී කැකුලා අතු පොජ්ජ  බිදීම කොදොයි" ලෙස මොකක්දෝ මගුලක් ඇසුනි. හැරී බැලු මා දුටුවේ නායක හූරා පට්ටයක් අතින් ගෙන මා දෙසට එන බවයි. එහෙමම පැත්තකට වූ මම බලා සිටි අතර නායක හූරා අත්ත පැත්තකට ඇද බැද දැමුවේය. ශේප් එකේ පසෙකට ගොස් මා හිදගතිමි.
ඒ ඔහුට ඇති උනයි.පරිසරය ගහකොල රැකීමට ඔහුට ඇති උනයි. විල්පත්තුව අක්කර ගනන් විනාශ කිරීමට කුලියට දෙන නායකයන් සිටිනා යුගයක ගසක අත්තක්වත් කැඩීමට එරෙහි වුනු ඔහුට ඇත්තේ තදබල උනකි. අවසානෙට කීමට ඇත්තෙ එක දෙයකි. ඒ අන් කිසිවක් නොවේ.
"දේ හෑව් සියැටල්, බට් වී හෑව් වන්නියා"