Monday, November 20, 2017

~ බෝම්බයකට පෙම් කලෙමි ~

කවුලුවෙන් පිටත බලාගෙනම සියල්ල සැහැල්ලුවෙන් සිතීමට සිතාගත්තත් ඒ උත්සාහය නිශ්පල බව වැටහීමට වැඩි වෙලා ගත නොවීය. බස් රතයේ ගුවන් විදුලි යන්ත්‍රයේ හඩ කැඩෙමින් ඇසෙන්නේ මේ හරියට හොදින් සිග්නල් නැති බැවිනි. මහියංගන මහනුවර පාරේ යන කබල් CTB බස් එකකින් මෙහෙම ඇහෙන ගුවන් විදුලි යන්ත්‍රයකට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.සෝ හඩ මැදින් කඩින් කඩ ඇසෙන ප්‍රවෘත්ති විකාශයේ ඇසෙන්නෙත් පෙරේදා කොටුව දුම් රියපොලේ සිදු වුනු බෝම්බ ප්‍රහාරය ගැනමයි. ගුවන් විදුලිය ගැන කේන්තියෙන් ඉවත් බලාගත්තද නිසල්ගේ රුව හිත තුල ඉතුරු කරපු මතකය නැවත් නැවත් ඔහුව මා ඉදිරියේ සිතුවම් කරයි.
මීට අවුරුදු 2කට උඩදී කටුබැද්ද කැම්පස් එක ඉස්සරහඩි දැකපු ඒ රූපය කොහොම අමතක කරන්නද. "එස්කියුස් මී මම ඔයත් එක්ක පෝලිමේ එන්නද...? දෙන්න දෙන්නලු යන්නෝනි"
ඒ ඔහු හා මම කතාකල පලමු වචන කීපයයි. එතැන සිට සිවිල් ඔඩියට ගිහින් ඔහු අසලම වාඩිවී දවසමව්ගතකල හැටි අදටද කිසිත් අඩු නොවී මා හට මතක ඇත.කාලය එසේ ගෙවී ගියේය.මගේ හිතේ තිබුන කිසිත් ඔහුට කීමට මත්තෙන් ඔහු මා සොයා ආවේය.
"සලනි උබට කියන්න දෙයක් තියෙනව.... මං කජන්තනීට කැමතී බං"
හිනා වෙන්නද අඩන්නද කිසිවක් මගේ සිතට නොආවේය. හිරකරගත් හැඩුම් හා හිරකරගත් කදුලු තුලින් මා හට හැකි ලෙස වචන කීපයක් ගැටගසා ගත්තෙමි.
"ඒකි ටැමිල්නෙ නිසල්"
මට කියාගැනීමට ඕනි වුයේ මං ඔහුට කැමතී බව වුවද කියැවුනේ එපමනකි.
"ඒකට මොකද බං... ඒකිත් කෙල්ලෙක්නෙ...මං අද ඒකිගෙන් අහනව"
හැඩුම් ආව වුවද ඒ සියල්ල හිරකරගත්තේ ව්‍යාජ හිනාවක් සමගිනි. ඒ හිනාව ව්‍යාජයක් බව ඔහුට වැටහුනාද බැලීමටවත් නොනැවතුනු මා එක පිම්මට බෝඩිමට දිවවිත් එලිවෙනකම් හැඩුවෙමි.
ඔව්න්ගේ පෙම්බස් දෙඩවිලි, වැලදගැනිලි ,සිපගැනිලි දැක දැක නොදැක්කා ගානට හිදීමට මම පුරුදු උනෙමි. මුල් කාලයේ පපුව තුගිනි මැලයක් තරමට රත් වුවද කල් යත්ම එය ගිනිකූරු දැල්ලක් තරම් විය. කාලයත් සමග ඔවුන් අතරද නිතරම සිදුවන අඩදබර බැච් එකේ කිසිවෙකුහට රහසක් නොවීය. . මා ඔහුගෙන් එආ ගැන ඇසූ විට නිතරම ඔහු කීවේ දශක තුනක් තිස්සේ දෙගොල්ලන් දෙගොල්ලන්ව තේරුම් නොගත්ත එකේ අපි දෙන්නා කොහොම තේරුම් ගන්නද මේ අවුරුදු එකහමාරට කියාය. ඒ වෙලාවල් වලට මගේ හිතට ආවේ "ඔව් ඔවුන් දෙදෙනත් මේ සමාජයේම උප කුලක දෙකක් බවයි".
ඒ කිසිවක් නිසා මම ඔවුන්ට  වෛර නොකෙරුවෙමි. ඒ ඔවුන්ගේ ප්‍රේමය මේ පොලෝ තලය මත ඇති නිර්මලම ප්‍රේමය යැයි මා සිතූ නිසාය.නමුත් මගේ එම සිතුවිල්ල පැවතියේ ඊයේ රැයේදී මට ඔහුගේ දිනපොත් ලැබෙනකම් පමනි. දැන් මා ඇයට වෛර කරමි. ඒ ඇය ඔහුව රවට්ටපු නිසාය. තවද මා ඔහුටද වෛර කරමි. ඒ අවශ්‍ය මොහොතේ ඇයව සිතින් අත නොඇරපු නිසාය. අවසානයේ ඔහුගේ දිනපොතේ මෙසේ සටහන්වී තිබුනි
" මා ඇයට නඩේසන්ගේ හා විනීතාගේ ආදරේ සුන්දරත්වය ගැන කියද්දි ඇය කීවේ LTTE පොලිස් බලකාය ගැනය. ඇය කොයි විදිහෙ කෙල්ලෙක් වූවත් මට කම් නැත. මන්ද මා ආදරය කලේ කජන්තනීගේ ආදරයට බැවිනි"
"නෝනා බහින්නෙ නැතිද?? මහියංගනයට ඇවිත් තියෙන්නෙ."
මනෝ ලෝකයෙන් එක වරම ගැස්සී අවදි වූ මම වටපිට බලනවිට තේරුනේ බස් රතයේ සිටින්නේ මා පමනක් බවය.
ලහියේ බහින්නට සැරසෙත්ම කබල් රේඩියෝවෙන් තවත් විශේශ පුවතක් ඇසිනි.
" පෙරේදා පුපුරාගිය මරාගෙන මැරෙන බෝම්බයේ බෝම්බකාරිය මොරටුව වි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කජන්තනී නැමැත්තියකි."

අතේ තිබුනු දිනපොත දෙස බැලූ මා දෙවරක් නොසිතා එය කුනු කූඩයට දැමුවේ පපුව තුල හිරව තිබූ සුසුමක් වා තලයට මුසුකරමිනි
~නිමි~

No comments:

Post a Comment