Tuesday, November 7, 2017

~බලු නාම්බෙක් පතා~

වීදි කොනකින් ඇහෙන
නොනවතින සද්දයත්
බිරුම් හඩකින් කියා
සමනලිය දන්නවා....
ඇගේ පියපත් තදින්
සල සලා එදෙස වෙත
හැල්මෙ ඈ පියාඹා ඇදෙනවා...
නිය විලිස්සා යසට
උල් කරපු දත් වලින්
ඌ පුංචි දලඹුවෙක් විකනවා......
බලු නාම්බෙක් පතා
පෙම්කෙරුව සමනලිය
උරුම නොවනා පෙමක
අතරමග හිටිනවා...

No comments:

Post a Comment