Wednesday, November 8, 2017

~උණ, වණය හා වනය~

උණ වනාහී වණයකි. වණය කී සැනින් මතකයට නැගෙන ගස් කොළන් සතා සීපාවාගෙන් පිරුනු දියඇලි ගංගාවන්ගෙන් ගහන ස්වභාවදර්මයාගේ ශීර්ශයෙන් උපන් මහා කලාත්මක ලක්ශනයක්ගෙන් හෙබි දැක්මෙන් ගතද සිතද සංසුන් කරවනා අමුතුම මෙව්වා එක නොවේය. මේ වණය යනු තුවාලෙකි. අහ් අර ජාතියේ වනයන්ද මේ වකවානුවේ තිබෙනවාද යන සැකයක් මගේ මේ පරිසරකාමී හිත් පොජ්ජට ගැටලුවක් වී තිබේ. උණ ගැන් කියන්නට ආ මේ හූරා කොහේවත් නැති වණයක් මතට නැගී අශ්වයා ගෝන් ටික් ටික් කිරීමට පටන්ගෙන තිබේ. වණය හෝ වනය මදකට පැත්තකින් තියමුකෝ....
උණ යනු ගසකි...
විකාරද ඉස්කෝලෙ ගිහින් නැද්ද. උණ යනු පඳුරකි...
අහ් හරි උණ යනු විටෙක පදුරකි, විටෙක ලෙඩකි හා විටෙක ආශාවට කියන තවත් නමකි. උණ ගැන ලිවීමට ප්‍රදානම කාරනාව තමයි අද දවසම දරුනු උණකින් පෙලෙන හෙයින් ලෙක්චර්ස් පොජ්ජ කට් කොරමින්න් සයනාරූඩවී සිටීම. නමුත් මේ ඒ උණ ගැන නොවෙයි. මේ වෙනත් උණක් ගැනයි....
මේ හූරාගේ මතකය මීට වසර 10ක පමන ඉතා ඈත අතීතයට ආලෝකේ වේගයට ඇබින්දක් අඩු වේගයකින් දිව යයි. එදා සතියේ දවසකි. මේ හූරා කුකුලා සංදියේ(කුකුලා නොවේ කැකුලා ලෙස වෙනස් විය යුතුය. මේ හූරාගේ කුකුලු ගතිය වෙන්ඩ අඹේනිය හොදාකාරව දනී) දිනක් දඹාන පෝරුගම් පොජ්ජට නර්තන ප්‍රසංගයක් සදහා මංගැච්චුවෙමි. ඔය ගම්පහ පැත්තේ ගුරුතුමෙක් හා ගෝලයෝ පිරිසක් කැටුව ගොස් අපේ වරිගේ උන්ට උඩරැටියන්ගේ නැටවිල්ල පෙන්වීමට එසේ ගියෙමි. එහිදී කදිමට අපිව පිළිගෙන නැටීම සදහා සකසා තැබූ මිදුලට එක්ක ආවෙමි. ඔන්න ඉතින් නමස්කාරය කාරිය කරලා මේ ගෝලයෝ ටික නටන්නට පටන්ගත්තෙ නැතෑ. උඩින් පාත්වෙච්චි මයිල අත්තක් උන්දැලෑගේ අතේ වැදෙන්ට ගච්චි. 5වසර සතුටු කදවුරෙන් ලබාගත් නායකත්ව පුහුනුවේ නාමයෙන් නැගීසිටි මා සිංහයෙකු මෙන් තේජාන්විතව ගොස් චරස් ගා අත්ත කැඩීමට යද්දීම.....
"අඩී කැකුලා අතු පොජ්ජ  බිදීම කොදොයි" ලෙස මොකක්දෝ මගුලක් ඇසුනි. හැරී බැලු මා දුටුවේ නායක හූරා පට්ටයක් අතින් ගෙන මා දෙසට එන බවයි. එහෙමම පැත්තකට වූ මම බලා සිටි අතර නායක හූරා අත්ත පැත්තකට ඇද බැද දැමුවේය. ශේප් එකේ පසෙකට ගොස් මා හිදගතිමි.
ඒ ඔහුට ඇති උනයි.පරිසරය ගහකොල රැකීමට ඔහුට ඇති උනයි. විල්පත්තුව අක්කර ගනන් විනාශ කිරීමට කුලියට දෙන නායකයන් සිටිනා යුගයක ගසක අත්තක්වත් කැඩීමට එරෙහි වුනු ඔහුට ඇත්තේ තදබල උනකි. අවසානෙට කීමට ඇත්තෙ එක දෙයකි. ඒ අන් කිසිවක් නොවේ.
"දේ හෑව් සියැටල්, බට් වී හෑව් වන්නියා"

7 comments: